Handapane sinhala song lyrics Music Video

Handapane  Official Music Video Lyrics


හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ
//

ගමේ පල්ලියේ මංගල්ලේ
හවසක අපි හමුවෙලා
ඈතින් බලා දෙනෙතින් සිනාසුණා
හදේ ආදර ගිනිකන්දේ
හැඟුමන් මා හංගලා
දෙවිඳුන් පුදා ආශිර්වාදේ ලැබුවා
පැතුවා ඔබ මා ආලෙන් එක්වෙයි පැතුවා

හඳපානේ හැංගී දුන් හාදුවේ..

ගමේ වෙල්යාය මැද්දේ
මැයි ගහ යට හමුවෙලා
ළංවී බලා මුවඟින් සිනාසුණා
හැඟුම් දහදාහක් මැද්දේ
මා ඔබ තුරුලේ හොවා
තව ළංවෙලා දෙතොලින් දෙතොල් තෙමා
බැඳුණා ඔබ මා ආලෙන් එක්වී බැඳුණා

හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ
//

Singha Records 2024

#handapane #windy #sanuka

Windy – Handapane (හඳපානේ) Official Music Video

Song Credits:

Song – Handapane (හඳපානේ) lyrics
Artiste – Windy Goonatillake
Lyrics – Sanuka Wickramasinghe (‪@SANUKA‬)
Melody & Music – Sanuka Wickramasinghe
Video – Chamil Pathirana @ Thaala Roopa

Sinhala song lyrics

Scroll to Top